Apple iPhone 2G එක Unlock / Jailbreak කරමු
මම මේ පෝස්ට් එක දාන්න හිතුවෙ මම eBay වලින් ගෙන්න ගත්ත Apple iPhone එක අන්ලොක් කර ගන්න අම්බ කට්ටක් කාපු නිසා.
දැන් ලංකාවෙ ගොඩක් අය eBay වලින් බඩු ලංකාවට ගෙන්නනව. අනික iPhone එකක් අඩුවට ගන්න තියන එකම තැන තමයි eBayඑක. මටත් iPhone එකක් පාවිච්චි කරන්න මාර ආසාවක් තිබුන. ඒත් ඉතින් සල්ලි තියෙන්නත එපායැ. යන්තම් ඔඩෙස්ක් එකේ වැඩ කරල ඉතුරු කර ගත්ත සල්ලි ටිකකුත් තියාගෙන eBayපැත්තෙ ගියා iPhone එකක් හොයාගෙන. eBay වලින් එක එක වර්ගෙ පෝන් ගෙන්නගෙන තිබුනට මම
Apple iPhone එකක් ගෙන්නල තිබුනෙ නෑ.
මම දන්න විදියට iPhone වැඩිපුර පාවිච්චි කරන්නෙ ඇමරිකාවෙ. එහෙ තියන ගොඩක් පෝන් ලොක් කරපුව. මෙහෙ ලොක් අරින්න පුලුවන් කියපු නිසා බිඩ් කලා Apple iPhone 2g එකකට. යන්තම් 55$කට වින් කලා. ගෙන්නනන්නත් එක්ක 66.2$ ලංකාවෙ ගානෙන් නම් රුපියල් 8150.00 විතර. (ලාබයි නේ)
ඔන්න සතියක් එක හමාරක් යද්දි පොන් එක ආව ගෙදරටම. සන්තෝසේ බෑ. දැම්ම මගේ මොබිටෙල් සිම් එක. හුටා..! මෙන්න බොලේ කෝඩ් එකක් ඉල්ලනව. ඒ කියන්නෙ මේකත් ලොක් කරපු එකක්. මොනව කරන්නද. ගියා ටවුමෙ පොන් කඩේට.
"ලොක් එක කඩන්න රුපියල් 1750.00ක් වත් ඕනෙ මල්ලී"
කඩේ අයිය එහෙම කියපි. ඔච්චර දෙන්න තියනව නම් මම මෙහෙන් එකක් ගන්නවනෙ. ආව ආපහු ගෙදර. ජංජාලෙන් ගත්ත පෝන් එක ජංජාලෙන්ම අන්ලොක් කරනව කියල හිතාගෙන.
එහෙම ඇවිත් හොයද්දි තමා මට මේ ක්‍රමේ අහු උනේ.
මේක මගෙ පෝන් එකට නම් නියමට වැඩ. මේකෙ කියන විදියට
Apple iPhone 3g එකත් Jailbreak කරන්න මේකෙන් පුලුවන්. හැබැයි Unlock කරන්න පුලුවන් 2g ඒවා විතරයි.
iPhone 3g අන්ලොක් කරන විදියත් මම 3g එකක් ගත්ත දවසට හොයල කියන්නම්කො.
එහෙනම් බයිල නවත්තල වැඩේ පටන් ගමු.
මුලින්ම පහල තියන ලින්ක් වලින් ගිහින් මේ තියන files ටික වෙනම folder එකකට download කර ගන්න. සමහර Files 250mb විතර තියනව.
මුලින්ම බලන්න ඔයාලගේ
iPhone එකේ firmware වර්ෂන් එක. ඒක 3.1.3 firmware එක වෙන්න ඕනෙ. එහෙම නෙවෙයි නම් ඔයාල ඔයාගෙ පෝන් එක 3.1.3 firmware එකට අප්ඩේට් කරගෙන ඉන්න ඕනෙ මේක කරන්න කලින්.
Step 1:
පලවෙනියටම ඔයාලගෙ
iPhone එක ඔයාලගෙ computer එකට USB cable එක හරහා Connect කරන්න. ඊට පස්සෙ අර ඩවුන්ලෝඩ් කර ගත්ත file වලින් Redsn0w 0.9.4 application එක රන් කරන්න.
Step 2:
දැන් ඉහත window එකේ තියන browse බට්න් එක ඔබල අපි ඩවුන්ලෝඩ් කරපු 3.1.2 firmware file එක select කරන්න. (මතක තියා ගන්න 3.1.3 firmware file එක නෙමෙයි 3.1.2 firmware file එකයි අපි select කරන්න ඕනෙ. )
Step 3:
දැන් firmware එක load උනාට පස්සෙ next button එක ක්ලික් කරන්න.
Step 4:
දැන් ඔයාලට තියෙන්නෙ ටිකක් වෙලා බලාන ඉන්න. දැන් ඔයාලට පහත රූපයේ වගේ එකක් පෙනෙනව ඇති.
Step 5:
ඊලගට ඔයාලට පහත තියනව වගේ window එකක් එයි. එතනින් Install Cydia කියන එකයි Unlock කියන එකයි තෝරන්න. ඔයාල Apple iPhone 3g එකක් jailbreak කරද්දි මේ Unlock කියන එක නම් පෙන්නන්නෙ නැහැ.
ඔය ඉතුරු සෙල්ලම් ගැන නම් මම දන්නේ නෑ. ඕනෙ නම් කරල බලන්න.
දැන් next button එක ක්ලික් කරන්න.
Step 6:
මේ වින්ඩෝ එකේදි අපි මුලින් ඩවුන්ලෝඩ් කර ගත්ත bootloader file දෙක නිවැරදිව තෝරල දෙන්න ඕනෙ. පිළීවෙලින් 3.9 හා 4.6 ලෙස. හැබැයි next button එක ක්ලික් කරන්න එපා...
Step 7:
මෙතෙනදි තමා අපට වැඩක් කරන්න තියෙන්නෙ. දැන් ඔයාගෙ
iPhone එක computer එකට USB cable එක හරහා Connect කරල තියෙද්දිම
iPhone එක off කරන්න. දැන් next button එක ක්ලික් කරන්න.
දැන් ඔයාලට පහල තියනව වගේ වින්ඩෝ එකක් පෙනෙයි. දැන් ඒකෙ තියන විදියට කරගෙන යන්න.
1. පලවෙනියට තියෙන්නෙ අපෙ
iPhone එකේ power button එක තත්පර 3ක් ඔබාගෙන ඉන්න.
2. දැන් රූපෙ දෙවනි ස්ටෙප් එකට යයි. ඒ කියන්නෙ power button එක අතඅරින් නැතිව home button එක ඔබන්න. තත්පර 10ක් එහෙම ඉන්න.
3. දැන් තුන්වෙනි අදියර. power button එක අතඅරින්න. ඒත් home button එක අතඅරින් නැතිව තත්පර 30ක් ඉන්න.
දැන් ඔයාගෙ
iPhone එක DFU mode එකෙන් පරිගනකයත් එක්ක සම්බන්ධ වේවි. ඔයාලට බීප් සද්දයක් එක්ක පරිගණකය ඔයාගෙ
iPhone එක detect කරනව පෙන්නාවි.
Step 8:
දැන් ඹයාලට පහත ආකාරයේ Window දකින්න ලැබේවි. ඒත් එක්කම ඔයාගෙ
iPhone එක reboot වේවි. බැරි වෙලාවත් ඔය waiting for reboot කියන එක තත්පර 20කට වඩා එහෙමම තියනව නම් ඔයාගෙ පෝන් එක USB cable එකෙන් ගලවල නැවත Connect කරන්න. හැබැයි මේ redsn0w application එක ක්ලෝස් කරන්න එපා.
Step 9:
දැන් සාමාන්‍ය විදියට application එක රන් වෙන්න දෙන්න.
Step 10:
ඔන්න බඩුම තමා. වැඩේ ඉවර නම් finish button එක ඔබල ඉවත් වෙන්න. පෝන් එක reboot වේවි. දැන් ඔයාගෙ පෝන් එකට ඕනෙම සිම් එකක් දාල බලන්න. නියමට වැඩ ඇති.
බලන්න මේ පොඩි වැඩේට නිකන් සල්ලි වියදම් කරන්න ඕනෙ නැහැනෙ. නොදන්න දෙයක් තියනව නම් අහන්න. දන්නව නම් උත්තර දෙන්නම්. මොකද මමත් මේක දැනගත්තෙ අන්තර්ජාලෙන් හොයල. මම දන්නෙත් මේ රූප දිහා බලාගෙන වැඩේ කරන්න විතරයි. නමුත් දන්න දෙයක් තියනව නම් අනිවාර්යයයෙන් කියන්නම්.
මේක ගැන තව දැනගන්න පහල තියන වීඩියෝ එකත් හොදට බලන්න. එකේ මේ වැඩේ කරන විදිය පැහැදිලිව තියනව.









