කාලයක් අන්තර්ජාලෙ පිස්සු කෙල කෙල ඉදල කාලයක් යද්දි ඒකත් එපා වුනා. ඊට පස්සෙ තමයි මේ නිකන් වෙලාව කන එකේ මේකෙන්ම කීයක් හරි හොයා ගන්න ක්‍රම තියනවද කියල හොයන්න පටන් ගත්තෙ. කාලයක් තිස්සෙ මහන්සි වෙලා හොයල හොයල ඇඩ් ක්ලික් කරල තව නොයෙක් දේවල් කරල අන්තිමේ oDesk එක ලග නතර වුනා. මට හිතෙන්නෙ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තියන විශ්වාසදායකම විදියක් තමයි මේක.
කොහොම කොහොම හරි පොඩි පොඩි ජොබ් කරල සතියට ගානක් අතට එන විදියට හදා ගත්ත. Payoneer Debit Card එකට පින් සිද්ද වෙන්න සල්ලි ටිකත් ගෙන්න ගත්ත. ඔහොම ටික කාලයක් යද්දි තමයි EBAY එකෙන් මොනව හරි ගෙන් ගන්න ඇත්නම් කියල හිතුනෙ. ඒකට ඉතින් PAY PAL එකවුන්ට් එකකුත් තියෙන්න එපායැ. ඔන්න ඉතින් ඊට පස්සෙ PAY PAL එකට ගිහින් එකවුන්ට් එකකුත් හදා ගත්ත. අපිට ඉතින් බොරු කියල පුරුද්දකුත් නැති නිසා J සකල සිරින් පිරි සිරි ලංකාවෙ අපේ ගෙදර ඇඩ්‍රස් එක දාලම එකවුන්ට් එක හැදුව. ආයෙ මොකටද අඩු පාඩුවක් කියල Payoneer Card එක දාල එකවුන්ට් එක Verify කලා. දැන් ඉතින් මාර සන්තෝසයි.
හෙට ඉදන් EBAY එකේ බඩු ගන්නම් කියල oDesk එකෙන් ඩොලර් 50කුත් PAY PAL එකට විත්ඩ්‍රෝ කලා. oDesk එකෙන් PAY PAL එකට විත්ඩ්‍රෝ කලාම පැය 2ක් 3ක් ඇතුලත ඒ සල්ලි PAY PAL එකට යන්න ඕනෙ. මම පැය 3ක් හිටියා පැය 6ක් හිටියා අන්තිමේ දවසක් බලාන හිටියා. ඒත් සල්ලි නෑ L
දැන් ඉතින් මොනව කරන්නද oDesk එකට හිතින් බැන බැන Customer Support එකට මේ ගැන Report කලා. ඒකට උත්තරේ දෙන්නත් දවසක් විතර යනවනෙ කියල හිතාගෙන facebook එකේ “පරිගණක උදවු“ Group එකේ පෝස්ට් එකක් දැම්ම උදවු ඉල්ලල. (ඔයාලත් Join වෙන්න පරිගනක ගැන ඕනැම දෙයක් දැන ගන්න පුලුවන්) ඔන්න එතකොට තමයි දැනගත්තෙ අපේ මේ සිරි ලංකාව Send Only කාණ්ඩායමේ ඉන්න රටක් කියල. ඒ කියන්නෙ අපේ රටේ විදියට හදපු පේ පෑල් එකකට මුදල් ගෙන්වන්න බෑ. (Verify කලත් බැහැ) දෙයියනේ මහන්සි වෙලා හොයපු සල්ලි ටික L
ඊට පස්සේ දන්න සෙල්ලම් ඔක්කොම දාල oDesk එකට වැදල වැදල යන්තම් දාපු ඩොලර් 50 ආපහු oDesk ගෙන්න ගත්ත. මම හිතුවෙ EBAY එකෙන් බඩු ගෙන්නන එක හීනයක් වෙයි කියල. ඒත් පසේ හොයල බලද්ද දැනගත්ත ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි කයල. ඒ ගැන විස්තර පස්සෙ කියන්නම්කො.

