Friday, July 15, 2011

ලංකාවේ Internet Money ප්‍රෝඩාව

දැන් කාලෙ ගොඩාක් කතාබහ කරන මාතෘකාවක් තමයි අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම (Internet Money). ඇත්තටම අද මේක බොහෝ දෙනා ව්‍යාපාරයක් කරගෙන. ලංකාවෙ හැම තැනම Internet Money කඩ පටන්ගෙන. අය කරන මුදල රුපියල් 5000.00 සිට 30000.00 දක්වා. මම දන්න විදියට මේවගෙන් බොහොමයකම කෙරෙන්නෙ ඇඩ් ක්ලික් කිරීම, නොමිලේ ක්‍රෙඩිට් කාඩ්පත් ගෙන්වා ගැනීම, බ්ලොග් එකක් සෑදිමට කියා දීම වගේ සරළ කොටස් ටිකක් විතරයි. මම දන්න විදියට නම් මේ අය උගන්වන දේවල් වලින් දවසම මහන්සි වෙලා වැඩ කලත් මාසෙකට රුපියල් 5000.00 හොයන්නත් ලේසි නැහැ.
ඒක සාධාරණ ව්‍යාපාරයක් නෙවෙයි. අන්තිම ජරා, අසරණයන් හූරගෙන කන ව්‍යාපාරයක් වෙලා. අපේ අසරණ කොල්ලො කෙල්ලොත් කීයක් හරි හොයාගන් කියල හිතාගෙන ලොකු ගානක් වියදම් කරල අන්තිමේ හූල්ල හූල්ල ඉන්නවා.  මගේ යහලුවන් දෙතුනදෙනෙකුටත් මේ වැඩේ සිද්ද වුනා. නමුත් ඔවුන්ට කල හැකි දෙයක් නැහැ. මේවට මම හිතන්නේ රටේ ඉහල තැන් වල අවධානය යොමු විය යුතුයි. මේ විදියට වංචා කරන්න ඔවුන්ට ඉඩ දෙන්න අවශ්‍යද?
නමුත් වර්තමානය වන විට අන්තර්ජාලයේ සිංහල බ්ලොග් අඩවි ප්‍රමාණය විශාල ලෙස වැඩි වෙලා. එයින් බොහෝ ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම ගැන විවිධ ලිපි ගොඩක් පළ කරල තියෙනවා. ඒවායින් රුපියල් 10000.00 පමණ දීල ඉගෙන ගන්න ජාති වලට වඩා දස දහස් ගණන් වටින අදහස් ගොඩක් නොමිලේම ලබා ගන්න පුලුවන්.
නමුත් තව ප්‍රශ්ණයක්? ලංකාවේ මිනිසුන්ට අන්තර්ජාලය හා සම්බන්ධ වීමට තියෙන පහසුකම්? මම හිතන්නේ ඒ අතින් අපි හරිම දුප්පත්. ( හැම අතින්ම දුප්පත් තමයි)  ජංගම දුරකතන රට පුරා බොහොම වේගයෙන් ව්‍යාප්ත උනාට මම හිතන්නෙ අපේ රටේ අන්තර්ජාලයේ ව්‍යාප්ත වීම බොහොම මන්දගාමීව  සිදුවන දෙයක්. ලංකාවෙ බොහෝ දෙනෙක්ට තවම හොද අන්තර්ජාල වේගයක් ලබා ගන්න බැහැ. අනෙක අපේ රටේ අන්තර්ජාල පහසුකම් සදහා  ගාස්තුවත් සාපේක්ෂව වැඩියි. (මම දන්න විදියට)
නමුත් මේ සියල්ල විසදෙනකම් හිටියොත් අපට කවදාවත් ගොඩ එන්න බැහැ. ඒ නිසා අපි සියලුදේ ගැම විමසිලිමත් අව අධ්‍යනය කරල අපිට ලැමෙන හැම අවස්ථාවකින්ම ප්‍රෙයෝජනයක් ගන්න ඕනෙ. ඒ නිසා අන්තර්ජාලයට සම්බන්ධ වීමට කියෙන අවස්ථා වල Facebook එකේ Chat කර කර ඉන්නේ නැතිව ඔය සිංහල බ්ලොග් එකක් කියෙවුව නම් අපිට ලැබෙන දැනුම වගේම අපේ අනාගතය සරු කර ගන්න අවස්ථාවකුත් ලැබෙන බවයි මගේ හැගීම.

No comments:

Post a Comment